Saturday, April 30, 2011

හොද පරාලයක්


පොලොව
කාල බීල වැටෙන්නෙ පොඩි රූම් වල
හැරෙන්න ඉඩනෑ පොඩි එක ඇඳක් ඇත
තිබුනත් තඩි ඇඳක් ලොකු බෝඩිමක් තුල
සමහර විටදි නිදන්නෙ හිස් පොලොව මත

පරාලයක්
දෙයියන් කලේ නම් මහ දහ ජරා වැඩක්
ඉතුරු වෙන්නෙ වදන් පිරුනු ජරා හිතක්
මෙතරම් පෙනි පෙනී ඇත අජ පරානයක්
අත ඇරියොත් නරකද හොද පරාලයක්

බන
මොන කට්ටක් කෑවත් එහි සැපක් ඇත
අතේ සතේ හිඳුන කියා දුකක් නැත
කාසි ඇතොත් වරෙන් කිව්ව එවුන් දෙන
කොහොම අහන් ඉන්නද මේ රිලා බන

පෙනේ
ඉන්නා ටික කාලෙ පානව අමර සෙනේ
වෙලිලා මුළු වලදි ගිලෙනව ප්‍රේම ගඟේ
දෙන්නේ එපා වූ විට වයිරයේ ඝනේ
ඔයිට හොදයි විසකුරු නාගයගෙ පෙනේ

ගිනි
පාවෙන මාලිගා තුල වෙසෙනා වන සත්තු
පැසවයි හිතේ අදහස් සැඟවී ගත්තු
ලැජ්ජයි මතක් වෙනවිට සැම පිලිගත්තු
දියයට ගිනි ගෙනගොසින් විදිහක් පලිගත්තු

දුක සැප
මිනිසත්කම නොදත් උන් දෑසටම පෙනේ
තේරෙන්නැති යමක් ඇත එය මට හරිම ඇනේ
සමා වෙලා පැහැදිලි කල හැකිද පනේ
දුක සැප කියන්නේ කුමක්ද කියා අනේ


1 comment:

  1. ලස්සන අදහසක් දුගු ගමනකට සුබ පැතුම්....

    ReplyDelete