Friday, April 29, 2011

ඇඹුල් අඹ



චරිත
පත්තිනි චරිත රග පෑමට හරිම රුසි
ලංවී බැලුවොතින් හැමතැන ඇදය චැසි
පැන පැන ඉසගනී වල දුටුවොත් කලට නිසි
කොල්ලොත් අනේ ඒ වෙනුවෙන් දීල නසී


පව
උසස්ම තැන ඉන්නට බැහැ ගැහනුන්ට
බවක් විද්වතුන් පැවසුවෙ පෙර කලෙක
දෑසින් දකින්නට උන් දැන් ගහන ගැට
අනේ මහත අප කල පුරුවෙ පවක


විදුලිය
ඇසුරු කරන්නේ මට පන දෙන්න වගේ
මිතුරු බව හැගෙන්නේ ඇත්තක්ම වගේ
ඇග දැවටෙන්නේ විදුලිය සැරක් වගේ
අපිත් ඉතින් නැග්ගා ඔය ග්‍රීස් ගහේ


අඹ
ඉන්නා කලට සැමගෙන් රැක ගනී උඹ
බඩගිනි කලට දෙන්නේ හෙම කඩා දොඹ
දෙන්නම් දෙන්න බෑ කියමින් අදී කඹ
මල පැන්න කලට දෙන්නේ හොද ඇඹුල් අඹ


ගාල
ඈතින් පෙනෙන්නේ හොද සරු පොල් ගහක් වගේ
සැමවිට පෙනෙයි ඉහලින් හැම ගහට වනේ
පිටතින් පෙනෙන්නට මල් හෙම එමට ඇතේ
ලංවී බැලුවොතින් පැටලෙයි කටු ගාල ඇඟේ


No comments:

Post a Comment